
ෆෙඩරල් රජයේ මෙවර අයවැය ප්‍රකාශණය මගින් විදෙස් සංක්‍රමණය ද අඩු කිරීමේ උත්සහයක් පිළිබඳ වාර්තා වනවා.
පසුගිය වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණය 528,000ක් වූ අතර මේ වසරේ එය 395,000 ක් වනු ඇති බවටයි අයවැය මගින් අපේක්ෂා කර ඇත්තේ.
ඉදිරි වසරවලදී 255,000 සහ 235,000 දක්වා පහත වැටීමට සැලසුම් කර ඇති විදෙස් සංක්‍රමණ ලබන වසරේ 260,000 දක්වා පහත වැටෙනු ඇතැයි රජය පුරෝකථනය කර තිබෙනවා.

රජය විසින් ස්ථාන 185,000කට ස්ථීර සංක්‍රමණය සීමා කරන අතර ඉන් 132,000ක් එහි කුසලතා විෂය ධාරාවට වෙන් කරනු ඇති.
කෙසේවෙතත් රජය ජාත්‍යන්තර සිසුන් සඳහා සීමාවක් යෝජනා කළ ද තවමත් සංඛ්‍යාවක් නියම කර නැහැ.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර ලබන මිලියනයකට ආසන්න ඔස්ට්‍රේලියානුවන්ට මෙවර අයවැයෙන් අමතර සියයට 10ක මුදලක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.
එම පියවර මගින් උද්ධමනය සියයට 0.5කින් කපා හරිනු ඇති බවටයි භාණ්ඩාගාරය අනාවැකි පළ කරන්නේ.
රජය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති සංශෝධිත බදු සැලැස්මේ කොටසක් ලෙස ජූලි මාසයේ සිට සියලුම බදු ගෙවන්නන්ට බදු කප්පාදුවක් ලැබෙනු ඇති.
නිවාස ඒකක සඳහා ඩොලර් 300ක් සහ කුඩා ව්‍යාපාර මිලියන 1ක් සඳහා ඩොලර් 325 ක් වන බලශක්ති බිල්පත් සහනය ද මෙවර අයවැය මගින් ලැබෙන තවත් සහනයක්.
මේ අතර මෙවර ෆෙඩරල් රජයේ අයවැය ජීවන වියදම් කපා හැරීම ඉලක්ක කරගත් අයවැයක් බව විචාරකයන් පවසනවා.
එමගින් බලශක්ති බිල්පත් සහන, කුලී ආධාර සහ ඖෂධ මිල අඩු කිරීම ඇතුලු පහසුකම් රැසක් ලබාදීම විශේෂත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සෑම නිවසකටම ඩොලර් 300ක බලශක්ති බිල්පත් සහන ලැබෙනු ඇති අතර පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර ද සියයට 10කින් ඉහළ යනු ඇති බව සඳහන්.
ෆෙඩරල් රජයේ අයවැය උද්ධමනය පාලනයට, ජීවන වියදම් ලිහිල් කිරීමට සහ ලේබර් පක්ෂයේ මැතිවරණ ඉලක්කය ශක්තිමත් කිරීමට ද උත්සාහයක් බව විචාරකයන් පෙන්වා දෙනවා.
අයවැය මගින් ඖෂධ මිල සීමා කරන අතර පුනර්ජනනීය කර්මාන්ත හා බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට බිලියන ගණනක මුදල් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
සෑම නිවසකටම ඩොලර් 300 ක බලශක්ති බිල්පත් ණයක්, පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර සඳහා සියයට 10ක වැඩිවීමක් සහ ඖෂධ මිල සීමා කිරීම, ජීවන වියදම් ලිහිල් කිරීම තුළින් මැතිවරණය ඉලක්ක කරගෙන ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
අයවැය මඟින් උද්ධමනය අඩු කරන බව පියවර ඉදිරිපත් කර ඇති අතර, එමගින් ලබන වසරේ මැතිවරණයට පෙර පොලී අනුපාත අඩු කිරීමට සංචිත බැංකුව පොළඹවනු ඇතැයි අපේක්ෂිතයි.