Search

විදෙස් ගමන් බලපත්‍ර හදන අයට අයවැයෙන් නව ක්‍රමවේදයක්

ලබන ජූලි මස පළමුවනදා සිට නව වේගවත් ගමන් බලපත්‍ර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

සාමාන්‍ය ක්‍රමවේදයට අමතර ඩොලර් 100ක් ගෙවීම මගින් වැඩ කරන දින 5ක් ඇතුලත එම ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති.

හදිසි විදෙස් සංචාරවල නිරත වීමට සිදුවන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවර අයවැයෙන් නව යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වැඩසටහන මගින් වසර පහක් තුළ ඩොලර් මිලියන 27.4ක් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි.

මේ අතර ගෙවන මාපිය නිවාඩු, සුපර් ඇනුඑෂන් අරමුදල් සහ ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා ද ෆෙඩරල් අයවැය මගින් ආයෝජන සිදු කර තිබෙනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කළේ වත්මන් රජය සියයට 50කට වැඩි කාන්තාවන් සිටින ඉතිහාසයේ ප්‍රථම රජය වන අතර කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ ආරක්ෂාව වෙනුවෙන් සියයට සියයක් කැපවී සිටින බවයි.

ගෙවන මාපිය නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ඩොලර් බිලියන 1.1ක් අයවැයෙන් වෙන් කර තිබෙනවා.

පිරිමින්ට සාපේක්ෂව සාමාන්‍යයෙන් සියයට 25ක් අඩුවෙන් උපයන බව කම්කරු පක්ෂය පැවසූ කාන්තාවන්ට සති 20ක රජයේ අරමුදල් සහිත නිවාඩු සඳහා මේ අනුව හොඳ වැටුපක් ලැබෙනු ඇති.

සාමාන්‍යයෙන් ඩොලර් 70,000ක වැටුපක් ලබන අයට ඔවුන්ගේ සුපර් ඇනුඑෂන් සඳහා ඩොලර් 2500ක් ගෙවීමට නියමිත අතර ඒ අනුව ඔවුන් විශ්‍රාම යන විට සියයට 1.15 ක පමණ ඉහළ ගිණුම් ශේෂයක් පවතිනවා.

මෙම යෝජනා ක්‍රමය යටතේ පවුල් 180,000ක් පමණ ප්‍රතිලාභ ලබනු ඇති අතර ස්ත්‍රී පුරුෂ පරතරය අඩු කරනු ඇතැයි චාමර්ස් ප්‍රකාශ කළා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »