නිවාස ගැටලුවෙන් පීඩා විඳින අයට මෙවර ෆෙඩරල් අයවැයෙන් සහන රැසක්

ෆෙඩරල් අයවැය මගින් නිවාස අර්බුදය වෙනුවෙන් සහන සැලසීමට ඩොලර් බිලියන 11 කට වඩා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ කුලී නිවැසියන්ගේ ගැටලුව පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් ෆෙඩරල් අයවැය මගින් ප්‍රධාන අවධානයක් යොමු කර ඇති අතර පීඩනය යටතේ සිටින කුලී නිවැසියන්ට උපකාරයක් ලැබෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී නිවාස ආධාරවල උපරිම අනුපාත සියයට 10 කින් වැඩි කිරීමට රජය ඩොලර් බිලියන 1.9ක් වෙන් කර තිබෙනවා.

මෙම වැඩිවීම සැප්තැම්බර් මාසයේදී සිදු කරන ලද සියයට 15ක ඉහළ නැංවීමට සමගාමීව සිදු වන අතර එය වසර 30කට පසු කෙටි කාලයක් තුල අඛණ්ඩව දෙවරක් සහන හිමි වූ ප්‍රථම අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සඳහන් කළේ වැඩිවන කුලී අනුපාත ඔස්ට්‍රේලියාවේ උද්ධමන අභියෝගයේ විශාල කොටසක් බවයි.

කුලී ගාස්තු අනුපාතය වැටුප් වර්ධනය ද අභිබවා ගොස් ඇති අතර නිවාස පුරප්පාඩු අනුපාත අවම මට්ටමකට ලඟා වෙමින් නිවාස අනාරක්ෂිත භාවය සහ නිවාස නොමැතිකම ඉහළ යාමටහේතුවී ඇති සඳහන්.

අයවැය මගින් ප්‍රකාශ කෙරුණේ 170,000කට ආසන්න ප්‍රමාණයක් පොදු නිවාස පොරොත්තු ලේඛනවල සිටින අතර පුද්ගලයන් 122,000ක් නිවාස නොමැතිකම අත්විඳිමින් සිටින බවයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස පද්ධතියට ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තරම් නව නිවාස ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බව අයවැය ලේඛනය මගින් ප්‍රකාශ කෙරුණා.

චාමර්ස් පැවසුවේ ඔස්ට්‍රේලියාවේ නිවාස ඉදි කිරීම් වෙනුවෙන් රජය මෙම අයවැයෙන් තවත් ඩොලර් බිලියන 6.2 ක් ආයෝජනය කරන බවයි.

ශ්‍රම බලකායේ හිඟතා මඟහරවා ගැනීම සඳහා ඉදිකිරීම් අංශයට අදාළ පාඨමාලා සඳහා ගාස්තු රහිත TAFE සහ VET ස්ථාන 20,000ක් විවෘත කිරීමට ද නියමිතයි.

අයවැය මගින් අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන් සඳහා තවත් නිවාස ආධාරයක් ලබා දෙන බවට පොරොන්දු වූ අතර ඩොලර් බිලියන 9.3ක ආයෝජනයක් ඊට ඇතුලත්.

ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සහ ළමුන් සහ තරුණයින් සඳහා වන නවාතැන් සඳහා රජය ඩොලර් බිලියන 1ක් වැය කිරීමට සැලසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »