
විවිධ මානසික ගැටලුවලින් පෙළෙන ඔස්ටේ්‍රලියානුවන්ට මානසික සහන උපදෙස් ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි පණිවුඩ සේවාවක් විසින් Lifeline හඳුන්වාදී තිබෙනවා.
0477 13 11 14 අංකයට ඕනෑම අවස්ථාවක රහසිගතව තම ගැටලුව ඉදිරිපත් කල හැකියි.
මූලික ප්‍රශ්න කිහිපයකින් පසු විධිමත් පුහුණුව ලත් සහන උපකාරී නිළධාරියෙකු හෝ නිළධාරිනියක වෙත අනතුරුව සම්බන්ධ කිරීම සිදුවනවා.

Lifeline හි දුරකථන සහ ඔන්ලයින් ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.
වසර 02 ක් පුරා සිදුකරන ලද සමික්ෂණයකට අනුව කෙටි පණිවුඩ සඳහා පුද්ගලන් වැඩි කැමැත්තක් පළකිරීම හමුවේයි මෙම නවතම සේවාව හඳුන්වාදී ඇත්තේ.

කොවිඩ් තත්වයත් සමග මානසික සහන ඉල්ලා සිටි ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ එක් දිනයකදී ඇමතුම් 3700 කට වැඩි සංඛ්‍යාවක් වෙත ලැබී තිබුණා.
එය වසර 58 ක ඉතිහාසයේ එක් දිනයකදී ලද වැඩිම ඇමතුම් සංඛ්‍යාව බවයි Lifeline නිවේදනය කලේ.
පසුගිය වසරේදී ඔවුන්ට ලැබී තිබු සමස්ත ඇමතුම් සංඛ්‍යාව 10 ලක්ෂ 70 දහස් 860 ක්.