Day: February 2, 2022

රැපිඩ් කට්ටල මිලියන ගණනක් වික්ටෝරියා ප්‍රාන්තය තුළදී නිපදවීමට පියවර

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන ගණනක් වික්ටෝරියා ප්‍රාන්තය තුළදී නිපදවීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ ලබන අප්‍රේල් මාසයේ සිට එය ආරම්භ කෙරෙන බවයි. මුල් මාස 03 දී මාසිකව කට්ටල මිලියනයක් බැගින්ද ජූලි මාසයෙන් පසුව මාසිකව කට්ටල මිලියන 03 ක් බැගින්ද නිෂ්පාදනය කිරීමයි සැලසුම වී ඇත්තේ. ඔක්තෝබර් මාසයේ සිට එය තවදුරටත් ඉහළ දැමෙනු අතර වසරකදී රැපිඩ් කට්ටල මිලියන 50 ක් නිපදවීම අරමුණ බවයි අගමැතිවරයා සඳහන් කලේ. දැනටමත් කැනඩාවට සහ යුරෝපා සංගමයට රැපිඩ් කට්ටල නිපදවන

Read More »

නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනියගේ කෙටි පණිවුඩය ගැන අගමැති මොරිසන් කථා කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනිය විසින් අගමැති ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් යවන ලද කෙටි පණිවුඩ මාලාවක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තිබෙනවා. අදාළ පණිවිඩයේ දැක්වෙන්නේ නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය විසින් අගමැති මොරිසන් දරුණු – භයංකාර පුද්ගලයෙකු ලෙස හඳුන්වාදී ඇති බවයි. එමෙන්ම තවත් අමාත්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ අගමැතිවරයා වංචාවලට සම්බන්ධ අයෙකු සහ මානසික මට්ටම අඩු අයෙකු බවටයි. අගමැතිවරයාද සහභාගී වූ ඊයේ පැවති ප්‍රසිද්ධ උත්සවයකදී මෙම කෙටි පණිවුඩ අනාවරණය කෙරුණා. හිටපු ප්‍රාන්ත අගමැතිනිය සහ කමන්

Read More »
Monash Freeway road

Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Monash Freeway භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ ඇතැම් අවස්ථාවලදී මාර්ග සංවර්ධන සේවකයන් නොමැතිව වුවද ඇතැම් ස්ථානවලදී මාර්ගය වසා දමා තිබීම සම්බන්ධයෙනුයි. මීට හේතුව වී ඇත්තේ අමුද්‍රව්‍ය සහිත ස්ථර 02 ක් මාර්ගයේ අතුරා තිබීමට සිදුවීමයි. පළමුවැන්න ජලයට ඔරොත්තු දෙන (waterproofing ) සහ මාර්ගය ශක්තිමත් කරවන එකක් වන අතර දෙවැන්න asphalt නම් මතුපිට ස්ථරය වනවා. මෝටර් රථ සඳහා ආරක්ෂාකාරීව ධාවනය කිරීමට නම් මෙම දෙවන ස්ථරය අනිවාර්යයෙන් යෙදිය යුතු වනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරික ස්ථානවලින් 1/3 ක් වැහෙන්න ඔන්න මෙන්න

නිරෝධායන රෙගුලාසි හමුවේ මෙල්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් තවදුරටත් වසා දමා තිබෙනවා. ඊට හේතුව වන්නේ සේවකයන් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්ව සිටීම හමුවේ රාජකාරි සඳහා කැඳවිය හැකි සංඛ්‍යාව සීමාවීමයි. නවතම ගවේෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන සදාකාලිකවම වසා දැමීමට ඒවායෙහි හිමිකරුවන් කටයුතු කර ඇති බවයි. සේවකයන්ට හැකිතාක් නිවාසවල සිට සේවය කරන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මෙන්ම පාරිභෝගිකයන් සඳහා අවසර දී ඇති උපරිම ධාරිතාවයන්ද මීට තවත් හේතුවක්. මෙල්බන් කවුන්සිලය විසින්

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 14,553ක්! NSW ප්‍රාන්තයෙන් 11,807ක්!

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 14,553ක් හමුව ඇත. මරණ  25ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 73,886කි. ඊයේ දිනයේදී (1) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 35,030ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,644ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1488633278798073857?s=20&t=1tYlNQaqS7jP2NvylJCsuQ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (1) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 11,807ක් වාර්තා වි තිබේ. දැනට 2,662 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 170

Read More »