Day: February 2, 2022

බටහිර ඔස්ටේ්‍රලියා රජය තීරණය හරවයි – විදෙස් සිසුන්ට එන්න දින 03 ක් පමණක් දෙයි

නියමිත පරිදි පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය නම් ලබන සෙනසුරාදා (පෙබරවාරි 05) දිනට පෙර පැමිණෙන්නැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විදෙස් සිසුන්ට දැනුම් දී තිබෙනවා. ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් පසුගිය ජනවාරි 20 වනදා නිවේදනය කලේ ලබන 05 වනදාට යෙදී තිබූ ප්‍රාන්ත සීමා විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමන බවයි. කෙසේවෙතත් එහිදී ජාත්‍යන්තර සිසුන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන එදිනට පසුව වුවද නිරෝධායනයකින් තොරව ජාත්‍යන්තර සිසුන්ට පර්ත් වෙත පැමිණිය හැකි බවයි අගමැතිවරයා ප්‍රකාශ කලේ. එම තීරණය ආපසු

Read More »

2022 IPL : ලංකාවෙන් වැඩිම ඉල්ලුම වනිඳුට

මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අවසන් නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ඇතුලත් වී තිබෙනවා. සමස්ථ නාම ලේඛනය සදහා ක්‍රීඩකයන් 590 ක් ඇතුලත්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වැඩිම තක්සේරුවක් නියම වී ඇත්තේ වනිඳු හසරංගටයි. 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද මෙවර ලැයිස්තුවට ඇතුලත්. මෙවර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 හා 13 යන දෙදින බැංගලෝරයේදි පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වන්නේ අප්‍රේල් 2 වනදා සිටයි.

Read More »