බටහිර ඔස්ටේ්‍රලියා රජය තීරණය හරවයි – විදෙස් සිසුන්ට එන්න දින 03 ක් පමණක් දෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා රජය තීරණය හරවයි – විදෙස් සිසුන්ට එන්න දින 03 ක් පමණක් දෙයි

බටහිර ඔස්ටේ්‍රලියා රජය තීරණය හරවයි – විදෙස් සිසුන්ට එන්න දින 03 ක් පමණක් දෙයි

නියමිත පරිදි පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය නම් ලබන සෙනසුරාදා (පෙබරවාරි 05) දිනට පෙර පැමිණෙන්නැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විදෙස් සිසුන්ට දැනුම් දී තිබෙනවා.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් පසුගිය ජනවාරි 20 වනදා නිවේදනය කලේ ලබන 05 වනදාට යෙදී තිබූ ප්‍රාන්ත සීමා විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමන බවයි.

කෙසේවෙතත් එහිදී ජාත්‍යන්තර සිසුන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන එදිනට පසුව වුවද නිරෝධායනයකින් තොරව ජාත්‍යන්තර සිසුන්ට පර්ත් වෙත පැමිණිය හැකි බවයි අගමැතිවරයා ප්‍රකාශ කලේ.

එම තීරණය ආපසු හරවමින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය ඊයේ රාත්‍රියේ නිවේදනය කලේ නිරෝධායනයකින් තොරව රටට ඇතුලුවීමට නම් ලබන 05 වනදාට පෙර පැමිණිය යුතු බවයි.

කෙසේවෙතත් දින 03 ක් පමණක් තිබියදී ඔවුන් ගත් මෙම තීරණය ප්‍රාන්ත විපක්ෂයේ මෙන්ම පාර්ශව රැසකගේ දැඩි විවේච්චනයට ලක්වී තිබෙනවා.

එම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

https://www.abc.net.au/news/2022-02-01/international-students-given-tight-deadline-under-wa-hard-border/100797082

COMMENTS