
මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අවසන් නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ඇතුලත් වී තිබෙනවා.
සමස්ථ නාම ලේඛනය සදහා ක්‍රීඩකයන් 590 ක් ඇතුලත්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වැඩිම තක්සේරුවක් නියම වී ඇත්තේ වනිඳු හසරංගටයි.

19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද මෙවර ලැයිස්තුවට ඇතුලත්.
මෙවර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 හා 13 යන දෙදින බැංගලෝරයේදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ වන්නේ අප්‍රේල් 2 වනදා සිටයි.