නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනියගේ කෙටි පණිවුඩය ගැන අගමැති මොරිසන් කථා කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනිය විසින් අගමැති ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් යවන ලද කෙටි පණිවුඩ මාලාවක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තිබෙනවා.

අදාළ පණිවිඩයේ දැක්වෙන්නේ නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය විසින් අගමැති මොරිසන් දරුණු – භයංකාර පුද්ගලයෙකු ලෙස හඳුන්වාදී ඇති බවයි.

එමෙන්ම තවත් අමාත්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ අගමැතිවරයා වංචාවලට සම්බන්ධ අයෙකු සහ මානසික මට්ටම අඩු අයෙකු බවටයි.

අගමැතිවරයාද සහභාගී වූ ඊයේ පැවති ප්‍රසිද්ධ උත්සවයකදී මෙම කෙටි පණිවුඩ අනාවරණය කෙරුණා.

හිටපු ප්‍රාන්ත අගමැතිනිය සහ කමන් අතර පවතින්නේ ඉතා දැඩි මිත්‍රත්වයක් බවත් මෙවැනි දෑ දේශපාලන ක්‍රීඩා බවටත් අගමැති මොරිසන් චෝදනා කලා.

ඊයේ පැවති මෙම උත්සවයේදී පාන් – ඉන්ධන සහ රැපිඩ් කට්ටල මිළ සම්බන්ධයෙන් කල විමසීමකදී එය නොදැන සිටීම පිළිබඳවත් අගමැති මොරිසන්ට චෝදනා එල්ල වෙමින් පවතිනවා.

https://www.9news.com.au/national/scott-morrison-responds-to-alleged-text-message-leak/5035bf59-7f7d-4dac-93f5-e378a709d463

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »