Day: February 2, 2022

තාවකාලික වීසා මත සිටින්නන්ට PR දිය යුතුයි – නවතම සමීක්ෂණයකදී අති බහුතරයක් කියයි

දැනට තාවකාලික වීසා බලපත් මත ඔස්ටේ්‍රලියාව තුළ සිටින දහස් සංඛ්‍යාත පිරිසකට ස්ථිර පදිංචිය දිය යුතු යැයි බහුතර ඔස්ටේ්‍රලියානුවන්ගේ මතය බව නවතම සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා. දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින හා රැකියා කරන තාවකාලික වීසා බලපත් සිටින්නන්ට ස්ථිර පදිංචිය දිය යුතු බවට සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් සියයට 78 ක කැමැත්ත පළකර තිබෙනවා. සංක්‍රමණිකයන් විසින් රැකියා පුරප්පාඩු සම්පූර්ණ කර ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපකාර කරන බවයි ඔවුන්ගෙන් වැඩි පිරිසක් පවසා ඇත්තේ. ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන් 1095 දෙනෙකු යොදාගනිමින් මෙම

Read More »

කොවිඩ් විමසීමකට සහභාගී නොවී අලු බඳුන නැරඹීමට ගිය බවට Aged Care ඇමතිට චෝදනා

කොවිඩ් සම්බන්ධ කරුණු විමසීමකට සහභාගී නොවී අලු බඳුන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ගිය බවට ඔස්ටේ්‍රලියානු Aged Care ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. පසුගිය 14 වනදින මෙම කරුණු විභාගය සඳහා පැමිණෙන ලෙසයි Richard Colbeck ට දන්වා තිබුණේ. එහිදී ඔහු පවසා තිබුණේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය මැඩලීම සම්බන්ධ කරුණු හමුවේ තමාට ඊට සහභාගී වීමට නොහැකි බවයි. කෙසේවෙතත් හෝබාට් නුවර පැවති අලුබඳුන තරගාවලියට Richard Colbeck සහභාගී වී සිටින ආකාරයක් දක්නට ලැබුණා. වර්තමාන COVID-19 පැතිරී යාමේදී Aged Care මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්

Read More »

රැපිඩ් පරීක්ෂණයට විනාඩි 30 ක සිට කිසිදු ආහාරයක් හෝ පානයක් ගැනීමෙන් වළකින ලෙස දැනුම්දීමක්

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකිරීමට අවම වශයෙන් විනාඩි 30 කට පමණ පෙර සිට කිසිදු ආහාරයක් හෝ පානයක් ගැනීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා. පරීක්ෂණයේදී වැරදි ප්‍රථිඵලයක් නොලැබීම සඳහා එය අතිශය වැදගත් වන බවයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ. එමෙන්ම දුම්පානය – දත් මැදීම හෝ චුවින්ගම් වැනි දෑ සැපීම වැනි කරුණුවලින්ද වළකින ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ. මෙවැනි දෑ සිදුකල පුද්ගලයන්ට විවිධ රසායනික ක්‍රියාකාරකම් මත වැරදි සහගත රැපිඩ් ප්‍රථිඵල ලැබී තිබීම් සැළකිල්ලට ගෙනයි මෙම ඉල්ලීම කර ඇත්තේ. මේ පිළිබඳ

Read More »

වික්ටෝරියා රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සැත්කම් ද නැවත ආරම්භ කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයද අත්‍යවශ්‍ය නොවන සැත්කම් නැවත ආරම්භ කිරීමට සූදානම් වනවා. ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ කොවිඩ් හමුවේ රෝහල්ගතවන පුද්ගලයන් සංඛ්‍යාව අඩුවීම හමුවේ තවත් දින කිහිපයකින් එම සැත්කම් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග රෝහල්ගතවීම් ඉහළයාම හමුවේ වික්ටෝරියා රෝහල්වල තවමත් Code Brown තත්වයකුයි ක්‍රියාත්මක වන්නේ. එහිදී අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කිරීමකුයි සිදුවන්නේ. කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට අත්හිටුවා ඇති සැත්කම් ලබන සඳුදා සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »