රැපිඩ් පරීක්ෂණයට විනාඩි 30 ක සිට කිසිදු ආහාරයක් හෝ පානයක් ගැනීමෙන් වළකින ලෙස දැනුම්දීමක්

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකිරීමට අවම වශයෙන් විනාඩි 30 කට පමණ පෙර සිට කිසිදු ආහාරයක් හෝ පානයක් ගැනීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

පරීක්ෂණයේදී වැරදි ප්‍රථිඵලයක් නොලැබීම සඳහා එය අතිශය වැදගත් වන බවයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

එමෙන්ම දුම්පානය – දත් මැදීම හෝ චුවින්ගම් වැනි දෑ සැපීම වැනි කරුණුවලින්ද වළකින ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙවැනි දෑ සිදුකල පුද්ගලයන්ට විවිධ රසායනික ක්‍රියාකාරකම් මත වැරදි සහගත රැපිඩ් ප්‍රථිඵල ලැබී තිබීම් සැළකිල්ලට ගෙනයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින්

 

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »