Search

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

ඒ එංගලන්තයේ හැම්ප්ෂයර් හි හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී යි.

තුන්වැනි චාර්ල්ස් රජු දශක තුනක් තිස්සේ දැරූ තනතුරක් වන මෙය විලියම් කුමරුට භාර දීම මතභේදයට තුඩු දී ඇති පියවරක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට හේතුව වී ඇත්තේ රජ පවුලෙන් ඉවත් වී අමෙරිකාවේ වාසය කරන විලියම් කුමරුගේ බාල සොහොයුරා වන හැරී කුමරු ද බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි කාලය තුළ සේවය කළ රෙජිමේන්තුවේ ප්‍රධානියා බවට විලියම් කුමරු පත් කිරීම හේතුවෙනුයි.

මේ වන විට ඇමරිකාවේ ජීවත් වන හැරී කුමරු වසර 10ක් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙනවා.

2015 දී අවසන් වූ ඔහුගේ හමුදා සේවයේ දශකයක කාලය තුළ හැරී, අපාචි (Apache) හෙලිකොප්ටර් අණ දෙන නිලධාරියා දක්වා උසස් වීම් ලබා සිටි අතර, ඔහු හඳුන්වනු ලැබුවේ ‘කපිතාන් හැරී වේල්ස්’ ලෙසින්.

උත්සවයෙන් පසුව විලියම් කුමරු ගුවන් හමුදාවේ නව කර්නල්වරයා ලෙස කඳවුරෙන් පිටව යන විට අපාචි හෙලිකොප්ටරයකින් පියාසර කිරීම ද විශේෂත්වයක්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »