
දැනට තාවකාලික වීසා බලපත් මත ඔස්ටේ්‍රලියාව තුළ සිටින දහස් සංඛ්‍යාත පිරිසකට ස්ථිර පදිංචිය දිය යුතු යැයි බහුතර ඔස්ටේ්‍රලියානුවන්ගේ මතය බව නවතම සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා.
දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින හා රැකියා කරන තාවකාලික වීසා බලපත් සිටින්නන්ට ස්ථිර පදිංචිය දිය යුතු බවට සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් සියයට 78 ක කැමැත්ත පළකර තිබෙනවා.
සංක්‍රමණිකයන් විසින් රැකියා පුරප්පාඩු සම්පූර්ණ කර ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපකාර කරන බවයි ඔවුන්ගෙන් වැඩි පිරිසක් පවසා ඇත්තේ.

ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන් 1095 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂනය සිදුකර තිබූණා.
ඔස්ටේ්‍රලියානු පුරවැසියන් විසින් අඩු වැටුප් මත නිරත නොවන රැකියාවල සංක්‍රමණිකයන් නිරතවන බව සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් සියයට 33 ක් අදහස් දක්වා තිබුණා.

කුමන තාවකාලික වීසා බලපත්‍රයක් දැරුවද ඔවුන්ට අනාගතය පිළිබඳ නිශ්චිතභාවයක් තිබිය යුතු බව සියයට 55 ක් සිය මතය පළකර තිබීම විශේෂ්තවයක්.