
වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් රියදුරු බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව රියදුරන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත රැගෙන යාම වෙනුවට දුරකථනයෙන් තම බලපත්‍රයේ ඩිජිටල් ඡායාරූපයකට ප්‍රවේශ වීමට හැකි වනු ඇති.
නව බලපත්‍ර ක්‍රමවේදය නිව් සවුත්වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ හඳුන්වා දී වසර හතරහමාරකට වැඩි කාලයකට පසුවයි වික්ටෝරියා ප්‍රාන්තයේ එය ක්‍රියාත්මක කර ඇත්තේ.

රියදුරු බලපත්‍ර කොන්දේසිවල හෝ නිවෙස් ලිපින වැනි පුද්ගලික තොරතුරුවල වෙනස්කම් ඇත්නම් ඒවා යාවත්කාලීන කිරීමට ද මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති.
යතුරුපැදිකරුවන් හෝ බර වාහන ක්‍රියාකරුවන් ඇතුලුව සම්පුර්ණ බලපත්‍රලාභී රියදුරන් වන මිලියන 4.5 කට වැඩි වික්ටෝරියානුවන් පිරිසකට ඩිජිටල් රියදුරු බලපත්‍ර බාගත කිරීමට හැකි බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් රියදුරු පුහුණුව ලබන්නන්ට සහ පරිවාස බලපත්‍රලාභීන්ට 2025ට පෙර ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
මහා මාර්ග අමාත්‍ය මෙලිසා හොර්න් පැවසුවේ මෙම තාක්‍ෂණය මගින් වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරනු ඇති බවයි.
නිව් සවුත්වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් බලපත්‍ර 2019 ඔක්තෝම්බර් මාසයේදී හඳුන්වා දුන් අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය 2022 වසරේදී අත්හදා බැලීමෙන් පසු පසුගිය මාසයේදී එය ක්‍රියාවට නංවනු ලැබුවා.