අද ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැය ගැන අනාවැකියක්

මෙම වසර අවසන් වන විට උද්ධමනය ඉලක්ක ගත කර ඇති ආකාරයෙන් සියයට 2ක් හෝ 3ක් දක්වා පහත වැටෙනු ඇති බව මහා භාණ්ඩාගාරය පුරෝකථනය කරනවා.

අද ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැය මගින් උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වසරකට පෙර නැවත පාලනය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අයවැයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත කරුණු අනුව පාරිභෝගික මිල දර්ශකය දෙසැම්බර් වන විට සියයට 3ට අඩුවෙන් පහත වැටෙනු ඇති බව පෙන්නුම් කර තිබෙනවා.

එය වර්තමාන උද්ධමන අනුපාතය වන සියයට 3.6ට වඩා සියයට 0.6ක පහත වැටීමක් වනු ඇති අතර 2020 මාර්තු මාසයෙන් පසු පළමු වරට ඉලක්කගත පරාසය තුළ පාරිභෝගික මිල දර්ශකය පවතිනු ඇති බවයි පැවසෙන්නේ.

2023 වසරේ ජුනි මාසයේදී උද්ධමනය සියයට 3.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ලබන ජුනි මාසයේදී සියයට 3.2 දක්වා පහත වැටී 2025 වසර අග භාගයේදී ඉලක්කගත ස්ථානයට ළඟා වනු ඇති.

භාණ්ඩාගාර පුරෝකථනය නිවැරදි බවට ඔප්පු වුවහොත් එය බොහෝ දුරට බලාපොරොත්තු වූවාට වඩා පෙර පොලී අනුපාත කප්පාදුවකට ද මූලික වනු ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.

ජීවන වියදමෙන් ජනතාව මුහුණදී ඇති පීඩනය ඉවත් කිරීම සඳහා වියදම් ගණනාවක් ඇතුළත් කර අයවැය සකස් කර ඇති අතර ඔස්ට්‍රේලියා සංචිත බැංකුව පසුගිය සතියේ කියා සිටියේ එය උද්ධමනයට එකතු වනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බවයි.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »