ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනාගේ වත්කම් ගැන තොරතුරු එළියට

මෙම වසරේ මැයි මාසය වන විට ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳ තොරතුරු ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලෝකයේ ධනවත්ම කාන්තාවන්ගේ ධනෝපායන මාර්ග මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවයි ෆෝබ්ස් සඟරාව මෙලෙස කරුණු දක්වා ඇත්තේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 9 වනදා වන විට ලොව ධනවත්ම කාන්තාව ලෙසට සැලකෙන්නේ ලොරෙආල් රුපලාවන්‍ය නිෂ්පාදන සමාගමේ හිමිකාරිණිය වන ෆ්‍රැන්කොයිස් බෙට්න්කෝට් නම් කාන්තාවයි.

ඇයගේ වත්කම ලෙසට ෆෝර්බ්ස් සඟරාව ඇමරිකානු ඩොලර් බිලියන 92.2ක මුදලක් දක්වා තිබෙනවා.

වෝල්මාට් සමාගමේ හිමිකාරිණිය වන ඇලිස් වෝල්ටන් අප්‍රේල් මාසය වන විට ලොව ධනවත්ම කාන්තාවන් අතරින් දෙවන තැනට පත්ව තිබෙනවා. ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 72.2ක් බව සඳහන්.

ලොව ධනවත්ම කාන්තාවන් අතර තුන්වන තැන කවුක් ඉන්ඩස්ට්‍රිස් හි හිමිකාරිණිය වන ජුලියා කවුක්ට ලැබී තිබෙනවා. ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 66.1ක් බවයි

ලෝකයේ ඉහළම ප්‍රකෝටිපති කාන්තාවන් යනු මූල්‍ය, විලාසිතා ඇතුළු කර්මාන්ත හරහා ඔවුන්ගේම වත්කම් සහිත කීර්තිමත් පුද්ගලයන් ලෙසටයි ෆෝබ්ස් සඟරාව විසින් හඳුන්වාදී ඇත්තේ.

ෆෝබ්ස් සඟරාව මගින් ලොව පුරා සිටින ප්‍රකෝටිපතියන්ගේ ධනය නිරීක්ෂණය කරමින් මාසිකව එහි තොරතුරු ලෝකයට අනාවරණ කරනු ලබන අතර ඔවුන්ගේ ධනය ඉපයීමේ මාර්ග මෙන්ම සමාජ සේවා කටයුතු පිළිබඳව ද අනාවරණ කරනු ලබනවා.

රියදුරු මියගිය අනතුර සියැසින් දුටු මෙල්බන් ළමයින්ට උපදේශණයක්

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථයක් අනතුරට ලක්වී රියදුරු මිය යෑමේ සිද්ධියත් සමහ එහි ගමන් කළ සිසුන් සදහා උපදේශණ සේවයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සංචාරය සඳහා හොඳම ආර්ථික අතින් පොහොසත් රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

වර්ල්ඩ් ඉකොනොමි ෆෝරම් (world economy forum) විසින් 2024 වසර සදහා ලොව හොදම සංචාරක රටවල් පිළිබ‍ද නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »