රියදුරු මියගිය අනතුර සියැසින් දුටු මෙල්බන් ළමයින්ට උපදේශණයක්

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථයක් අනතුරට ලක්වී රියදුරු මිය යෑමේ සිද්ධියත් සමහ එහි ගමන් කළ සිසුන් සදහා උපදේශණ සේවයක් ආරම්භ කර තිබෙනවා.

බස් රථය අනතුරට පත්වන විට කිල්මෝර්හි අසම්ප්ෂන් විද්‍යාලයේ ළමුන් 30 දෙනෙකු පමණ එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් ඇතිවූ කම්පන තත්වයෙන් සිසුන් මුදවා ගැනීම මෙම උපදේශණ සේවයේ අරමුණයි.

මෙල්බර්න් නගරයට කිලෝමීටර් 65ක් උතුරින් පිහිටි කිල්මෝර්හි අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් බසයේ සිටි අතර එය කිල්මෝර්හි වැන්ඩොං පාරෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරට ලක්ව තිබුණා.

තම පාසැල් බසයේ රියදුරා තම ඇස් ඉදිරිපිට මෙලෙස මියයෑම සිසුන්ට දරාගත නොහැකි බවයි වාර්තා වන්නේ.

එම කම්පන තත්වයෙන් සිසුන් මුදවා ගැනීම සදහා වහාම උපදේශණ සේවා වෙත ළමයින් යොමු කිරීමට දෙමාපියන් සහ පාසැල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සිද්ධියට වන විට 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සිසුන් එම බස් රථයේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම එම අනතුරු සියැසින් දැක ඇති බවයි වාර්තා වන්නේ.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »