උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

මෙම ගුවන් යානය මිසූරි හි ජොප්ලින් වෙතින් පිටත් වී චිකාගෝ වෙත ගමන් කරමින් සිටි එකක් වන අතර මෙම දැරියගේ මරණයත් සමග ඉලිනොයිස් හි පියෝරියා වෙත හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ 8 වන උපන් දිනයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ලක්ව ඇති බව සඳහන්.

පවුලේ අය සමග ගමන් කරමින් සිටියදී අසනීප වූ දැරියගේ තත්ත්වය පිළිබඳව ගුවන් කාර්ය මණ්ඩලයට දැනුම් දීමත් සමග ඔවුන් ඉක්මනින් ඇයට වෛද්‍යාධාර ලබාදී තිබෙනවා.

Peoria ප්‍රාන්තයේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලය වාර්තා කර ඇත්තේ Peoria වෙත යානය හදිසියේ ගොඩබස්වන විට දැරියට හුස්ම ගැනීමට නොහැකි වූ අතර හෘද ස්පන්දනයක් ද නොතිබූ බවයි.

මෙම දරුවා මිසූරි ප්‍රදේශයේ පදිංචි සිඩ්නි වෙස්ටන් නම් දැරියක්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »