ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම පිළිබඳ කණ්ඩායම කනගාටුවෙන් පසුවන බවයි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය සම්පූර්ණයෙන් අසාර්ථක වුවද පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඉතා හොඳින් ක්‍රීඩා කළ බව මැතිව්ස් ප්‍රකාශ කළා.

“අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට.

අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න.

අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා.

අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී.”

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »