පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

12 හැවිරිදි සිසුවෙක් විසින් තවත් සිසුවෙකුට පිහියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

තර්ජනයට ලක්වූ 14 හැවිරිදි සිසුවාගේ මව පවසන්නේ කම්පනයට පත් සිසුන්ට සහාය දැක්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවයි.

පසුගිය අඟහරුවාදා ගෝල්ඩ්ෆීල්ඩ්ස් පාසලක අවුරුදු 12 සහ 14 වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ 12 හැවිරිදි සිසුවා සතුව පිහියක් තිබී ඇති බවයි.

සුළු තුවාල සහිතව රෝහල් ගත කර සිසුවා මෙම සිද්ධියෙන් පසුව දැඩි කම්පනයට පත්ව සිටින බවයි දෙමව්පියන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුවත් කිරීමට පාසල් බලධාරීන් ප්‍රමාද වූ අතර මේ සම්බන්ධයෙන් උපකාර කිරීමට හෝ උපදෙස් ලබාදීමට ඔවුන් කටයුතු කර නොමැති බවට දෙමව්පියන් චෝදනා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »