මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

ඊයේ මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි සුපිරි වෙළඳසැල් හතරක සිදු වූ සන්නද්ධ කොල්ලකෑම් පිටුපස බාල වයස්කරුවන් පිරිසක් සිටින බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

තරුණයන් තුන් දෙනෙකු මෙම කොල්ලකෑම සඳහා පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනෙකු සතුව පිහි තිබූ බව සඳහන්.

Cheltenham, Brighton, Mount Waverley සහ Camberwell හි සුපිරි වෙළඳසැල්වල මෙම කොල්ලකෑම් සිදු වූ අතර සැකකරුවන් සේවකයින් තිදෙනෙකුට පහර දී මුදල් සහ දුම්වැටි පැහැරගෙන තිබෙනවා.

පොලිස් පරීක්ෂක Scott Dwyer පැවසුවේ මෙම වැරදිකරුවන් වයස අවුරුදු 14ත් 17ත් අතර වයස්වල පසුවන බවත් ඔවුන් සම්බන්ධ තොරතුරු පොලිසිය සතු බවයි.

පළමු මංකොල්ලය සිදු වූයේ සවස 3.50 ට පමණ වන අතර පසුව බ්‍රයිටන්හි තවත් සුපිරි වෙළඳසැලක කොල්ලකෑමක් වාර්තා වී තිබුණා.

ඉන් අනතුරුවයි Mount Waverley සහ Camberwell හි සුපිරි වෙළඳසැල්වල කොල්ලකෑම් සිදුවී ඇත්තේ.

මෙම සැකකරුවන් සොරකම් කළ මෝටර් රථයකින් මෙම කොල්ලකෑම් සඳහා පැමිණ ඇති බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය අවධාරණය කළේ මෙම සිදුවීම්වලට වගකිව යුතු පුද්ගලයින් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා අතර පොලිසියේ විමර්ශනය හේතුවෙන් මෙල්බන් අවට මෙවැනි අපරාධවල සැලකිය යුතු අඩුවක් දක්නට ඇති බවයි.

තරුණ අපරාධකරුවන් ඉලක්ක කරගත් මෙහෙයුම් දෙකක් වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවන අතර ඔපරේෂන් ට්‍රිනිටි සහ ඔපරේෂන් එලායන්ස් නම් එම මෙහෙයුම් මගින් පසුගිය මාස 12 තුළ ප්‍රාන්තය පුරා 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »