පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද සවස 2.50ට පමණ පොලිසියට වාර්තා වී තිබුණේ තෝන්බරි හි කොලින්ස් වීදිය අසල උද්‍යානයක කාන්තාවක් පිහියකින් සන්නද්ධව නොසන්සුන් ලෙස හැසිරෙන බවයි.

එම ස්ථානයට ගිය පොලිසිය පිහිය ඉවත දමන ලෙසට කළ නියෝගය නොතකා පොලිසිය වෙත දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිසිය එම කාන්තාවට වෙඩි තබා ඇති අතර ඉන් ඇයගේ එක් පාදයක කලවා ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බව සඳහන්.

අනතුරුව පොලසිය විසින් 50 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින අතර තොරතුරු දන්නා අයෙක් සිටී නම් දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »