ඔස්ට්‍රේලියානුවන් වැඩ කරන්න කැමති හොඳම ආයතන 10 නම් කෙරේ

ඔස්ට්‍රේලියානු ජනතාව සේවය කිරීමේදී වඩාත්ම කැමැත්තක් දක්වන ආයතන 10 සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.

සේවකයන් 6105ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකිනුයි මේවසරේ ඔස්ට්‍රේලියානුවන් වඩාත්ම කැමති සේවා යෝජකයන් 10 දෙනා සොයාගෙන ඇත්තේ.

ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණ ඇති සේවා යෝජකයින්ට මූල්‍ය ස්ථාවරත්වය, වෘත්තීය ප්‍රගතිය, ආකර්ශනීය වැටුප් සහ පහසු සේවා ස්ථාන පවතින බව සඳහන්.

ඒ අනුව සේවකයන් වැඩ කිරීමට වඩාත්ම කැමති ස්ථානය ලෙස ඩෙලොයිට් (Deloitte) පළමු තැනට පැමිණ තිබෙනවා. දෙවන ස්ථානයට පත්වී ඇත්තේ ඉන්ෂුවරන්ස් ඔස්ට්‍රේලියා සමූහයයි. (IAG Australia)

සමීක්ෂණ ප්‍රතිඵල අනුව නිව් සවුත්වේල්ස් ප්‍රජා සහ යුක්තිය දෙපාර්තමේන්තුව තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා.

දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය, වෘත්තීය ප්‍රගතිය සහ ආකර්ෂණීය වැටුප් සහ ප්‍රතිලාභ හේතුවෙන් එය සේවකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

හතරවන ස්ථානය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගමටත් පස්වන ස්ථානය ජී 8 (G8) එඩියුකේෂන් ආයතනයනටත් ලැබී තිබෙනවා.

G8 Education යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම ලැයිස්තුගත මුල් ළමාවිය සහ රැකවරණ සපයන්නා වන අතර, ළමා සුරැකුම් මධ්‍යස්ථාන 430කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුයි.

ඔස්ට්‍රේලියන් පෝස්ට් 6 වන ස්ථානයටත්, ට්‍රාන්ස්පෝර්ට් ෆෝ නිව්ස් සවුත්වේල්ස් 7 වන ස්ථානයටත්, 8 වන ස්ථානය නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය ආයතනයටත්, 9 වන ස්ථානය හෙල්ත්ස්කෝප් ආයතනයත්, 10 වන ස්ථානයට ක්වින්ස්ලන්ඩ් රාජ්‍ය දෙපාර්තමේන්තුවත් නම් කර තිබෙනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »