HIV ආසාදිතයන්ට අලුත් බලාපාරොත්තුවක්

HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇති බවයි එම එන්නත නිපදවූ ‘ඩියුක් වැක්සීන්’ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරනු ලබන HIV වෛරසය ආසාදනය වූ පසු සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීම සිදු වනවා.

ඩියුක් වැක්සීන් ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම එන්නත මගින් සිරුරේ ඇති HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි.

එය සිදුවන්නේ එන්නතින් පසුව සිරුරේ අලුතින් නිපදවනු ලබන ප්‍රතිදේහවලින් බවයි එම ආයතනය ප්‍රකාශ කළේ.

ඒඩ්ස් ආසාදිතයින් නව එන්නතේ සායනික අත්හදා බැලීම්වලට යොදාගත් බවත් එමගින් සාර්ථක ප්‍රතිඵල දකින්න ලැබුණු බවත් ‘ඩියුක් වැක්සීන්’ ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.

2022 වසරේ සිදුකළ සංගණනයකදී අනාවරණ වී තිබුණේ ඔස්ට්‍රේලියාවේ HIV ආසාදිතයන් 28,870ක් සිටින බවයි.

මෙම පුද්ගලයින් 28,870 දෙනාගෙන් සියයට 93ක් 2022 වසර අවසානය වන විට හඳුනාගෙන ඇති අතර රෝග විනිශ්චය කරන ලද පුද්ගලයින්ගෙන් ආසන්න වශයෙන් සියයට 95ක් HIV ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ HIV සම්ප්‍රේෂණය තුරන් කිරීම සඳහා ඇල්බනීස් රජය ඩොලර් මිලියන 43.9ක් ආයෝජනය කිරීමටද සුදානම් බවයි වාර්තා වන්නේ.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »