ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල වූ ඩොලර් මිලියන 150ක ත්‍යාගය ලබාදුන් ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි නොකළ ස්ථානයකින් ටිකට්පත අලෙවි වී ඇති අතර ජයග්‍රාහකයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙලිවී නොමැති බව සදහන්.

දිනුම් ඇදීමෙන් පසු ජයග්‍රාහකයා මෙතෙක් ත්‍යාගය සඳහා හිමිකම් කීමට ඉදිරිපත් වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම ජයග්‍රාහී ලොතරැයියේ අංක වූයේ 18, 29, 34, 8, 4, 28 සහ 6යි.

ලොතරැයි සමාගම පැවසුවේ තනි පුද්ගලයෙක් ටිකට් පත මිලදී ගත් නමුත් එය ක්‍රීඩක කාඩ්පතකට හෝ මාර්ගගත ගිණුමකට ලියාපදිංචි නොකළ නිසා හිමිකරු ඉදිරිපත් වන තෙක් බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඩොලර් මිලියන 150ක ත්‍යාගය මෙරට ලොතරැයි ක්‍රීඩාව විසින් පිරිනමන තුන්වන විශාලතම ත්‍යාගය ලෙසටයි සැලකෙන්නේ.

ජයග්‍රාහකයින් නොමැතිව එක දිගට දිනුම් ඇදීම් හයක් අවසන් වීම හේතුවෙනුයි මෙවර ත්‍යාගය ඉහළ ගොස් ඇත්තේ.

ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ ලොතරැයියක් මිලදී ගැනීමට අපේක්ෂා කර තිබූ බව නිලධාරීන් දිනුම් ඇදීමට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඩොලර් මිලියන 150 මෙම ත්‍යාග මුදල එක් පුද්ගලයෙකු පමණක් ලබා ගත හොත් ඔහු මෙරට විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයා බවට පත්වෙමින් ඉතිහාසයට එක්වනු ඇති.

පවර්බෝල් අවසන් වරට ඩොලර් මිලියන 150ක ත්‍යාගයක් පිරිනැමුවේ මේ වසරේ ජනවාරි මාසයේදී යි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම පවර්බෝල් ත්‍යාගය වන ඩොලර් මිලියන 200ක් වටිනා ත්‍යාගය සඳහා පුද්ගලයන් දෙදෙනෙකු විසින් පෙබරවාරි මාසයේදී හිමිකම් කියනු ලැබුවා.

අද රාත්‍රියේ දිනුම් ඇදීම සඳහා ලොතරැයියක් මිල දී ගත් සියලුම දකුණු ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට හෝ ප්‍රාන්තයට පැමිණි පිටස්තර පුද්ගලයන්ට ඔවුන්ගේ ලොතරැයි පරීක්ෂා කරන ලෙස ලොතරැයි නිලධාරීන් ඉල්ලා තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ මෙම ලොතරැයි ජයග්‍රාහකයාට ඔවුන්ගේ ත්‍යාගය හිමිකර ගැනීමට මාස 12ක කාලයක් තිබෙන බව සඳහන්.

ඩොලර් මිලියන 150 පළමු කොටසේ ජයග්‍රාහකයාට අමතරව අද පැවති තරඟ දිනුම් ඇදීමේ දී කොටස් දෙකේ සිට නවය දක්වා ජයග්‍රාහකයින් 4,433,211ක් ඩොලර් මිලියන 89.3 කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »