සංචාරය සඳහා හොඳම ආර්ථික අතින් පොහොසත් රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

වර්ල්ඩ් ඉකොනොමි ෆෝරම් (world economy forum) විසින් 2024 වසර සදහා ලොව හොදම සංචාරක රටවල් පිළිබ‍ද නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු වර්ල්ඩ් ඉකොනොමි ෆෝරම් විසින් මෙව‍ැනි‍‍‍ වාර්තාවක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වන අතර සංචාරකයන්ගේ රුචිකත්වය පවතින රටවල ආර්ථික තත්වය මත මෙම වාර්තාව නිකුත් කර තිබුණා‍.

එමෙන්ම එම රටවල්වල ආර්ථික තත්වය සැළකිල්ලට ගනිමින් ආර්ථික සංචාරක රටවල් ලෙසයි මෙම රටවල් නම් කර ඇත්තේ.

ඒ අනුව ආර්ථික වාසි මෙන්ම ආර්ථික සංවර්ධනය අතින් ඇමරිකා එක්සත් ජනපදය ලොව හොදම සංචාරක රට ලෙසයි ලෝක ආර්ථික ෆෝරමය පවසනවා.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ස්පාඥය දෙවන ස්ථානයට පත්ව ඇති අතර තුන්වන ස්ථානයට පත්වී ඇත්තේ ජපානයයි.

මෙම ශ්‍රේණිගත කිරීම අනුව ලොව සංචාරය සඳහා වඩාත් සුදුසු ආර්ථිකයක් පවතින 5 වන රට ලෙස ඔස්ට්‍රේලියාව නම් කර තිබෙනවා.

ජර්මනියට එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයත් බ්‍රිතාන්‍යට 7 වන ස්ථානයත් චීනයට 8 වන ස්ථානයත් ලැබී ඇතැයි සඳහන්.

ඉතාලිය 9 වන ස්ථානයත් ස්විස්ටර්ලන්තය 10 වන ස්ථානයටත් හිමිකර ගෙන ඇති අතර ලොව සංචාරය සඳහා සුදුසුම රටවල් අතර යූරෝපා රටවල් ප්‍රමුඛත්වයට පත්ව තිබීම විශේෂත්වයක්.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »