ජුලි මාසයේ සිට වික්ටෝරියා ජනතාවට ලොකු සහනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි බිල ලබන ජුලි මස පළමුවනදා සිට පහත වැයෙනු ඇතැයි ප්‍රාන්ත රජය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වාර්ෂිකව වික්ටෝරියානු ගෘහස්ත විදුලි පාරිභෝගිකයන්ට ඩොලර් 100ක ගාස්තු අඩුවීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියානු විදුලි පාරිභෝගිකයින්ගෙන් 340,000 කට පමණ ලැබෙන ඩොලර් 1655ක පමණ වාර්ෂික බිල්පතක් සඳහා ජුලි පළමුවනදා සිට සියය‌ට 6ක අඩුවමක් සිදුවන බව සඳහන්‍.

ප්‍රාන්තයේ කුඩා ව්‍යාපාරවලින් 58,000කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ඩොලර් 3530ක බිල්පතක් ගෙවන අතර ඔවුන්ට මෙම සහන මගින් ඩොලර් 260ක අඩුවීමක් සිදුවන බවයි වාර්තා වන්නේ.

වෙළඳපල දත්ත සහ ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමක ආයතන විසින් අනුමත කරන ලද ගාස්තු මත පදනම්ව කොමිසම මෙම තීරණය ගෙන තිබෙනවා.

ජීවන වියදම් පීඩනය හමුවේ බොහෝ දෙනෙකුට බලශක්ති බිල්පත් ද අමතර පිරිවැයක් වන අතර මෙම සහන මගින් ජීවන වියදමට යම් සහනයක් ලැබෙනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »