අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ නව සැලසුම් අනුව අන්තර්ජාලයට පිවිසීමේදී වයස සත්‍යාපනය කිරීම අනිවාර්ය වනු ඇති.

ළමයින් අන්තර්ජාලය හරහා කාමුක දර්ශන නැරඹීම නතර කිරීම කළ නොහැකි කාර්යයක් බවට සාධක ලැබී තිබියදී රජය මෙම ක්‍රියාමාර්ගවලට එළඹ තිබෙනවා.

දිනකට වැඩි පැය ගණනක් ස්මාර්ට් ෆෝන් සහ පරිගණක සමග ගත කරන ළමයින් අසභ්‍ය වෙබ් අඩවි සම්බන්ධයෙන් නොසොයා සිටිය ද සමාජ මාධ්‍ය සංසද සහ කණ්ඩායම් පණිවුඩ හුවමාරු හරහා ඊට යොමුවන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16-18 අතර ළමුන්ගෙන් සියයට 75ක් අන්තර්ජාලය ඔස්සේ කාමුක දර්ශන නරඹා ඇති බව eSafety කොමසාරිස්වරයාගේ පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් මුලින්ම ඊට ප්‍රවේශ වී ඇත්තේ වයස අවුරුදු 13ට පෙර වන අතර සියයට 10ට අඩු ප්‍රමාණයක් අවුරුදු 10ට පෙර එවැනි දර්ශන නරඹා ඇතැයි සඳහන්.

රජය දැනටමත් සකසා ඇති පරීක්ෂණයට ගැලපෙන විසඳුමක් සොයා ගැනීම තුළින් වෙනත් කිසිම තැනක ක්‍රියාත්මක නොවූ දේ ක්‍රියාවට නැංවීම විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »