ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

ඊයේ උදෑසන අමාත්‍යවරුන් සහ ජාත්‍යන්තර අධ්‍යාපන කවුන්සිලය රැස්වූ අවස්ථාවේදී යි ජාත්‍යන්තර සිසුන්ට රජය පනවන සීමාවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන කරුණු දක්වා ඇත්තේ.

ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒකාග්‍රතාවය සහ තිරසාරභාවය සහතික කිරීමට මෙන්ම නිවාස ගැටලු අවම කිරීම සඳහා
ජාත්‍යන්තර සිසුන් බඳවාගැනීම් සංඛ්‍යාව සීමා කරන බව රජය පසුගියදා නිවේදනය කළා.

පසුගිය 2023 වසරේ ජාත්‍යන්තර සිසුන් 787,000ක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අතර එය කොවිඩ් වසංගත සමයට පෙර පැවති සංඛ්‍යාව ද ඉක්මවා යාමක් බව සඳහන්.

විශ්ව විද්‍යාල ද ඇතුළත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිල් හනීවුඩ් පැවසුවේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට සැලසුම් කර ඇති ජාත්‍යන්තර සිසුන් බොහෝ දෙනෙකුට නව වෙනස්කම් පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි.

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ගමනාන්තයක් ලෙස ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති ඔස්ට්‍රේලියාවේ කීර්ති නාමයට නව ප්‍රතිපත්ති මගින් හානියක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සිසුන් පිළිගැනීම අවම කරන්නේ නම් එම සිසුන්ට තවත් බොහෝ විකල්ප ඇති අතර රටේ අංක එකේ සේවා අපනයන කර්මාන්තයට එමගින් බලපෑමක් වන බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මාර්ක් ස්කොට් සඳහන් කළා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »