වික්ටෝරියා රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සැත්කම් ද නැවත ආරම්භ කිරීමට සූදානම් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සැත්කම් ද නැවත ආරම්භ කිරීමට සූදානම්

වික්ටෝරියා රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සැත්කම් ද නැවත ආරම්භ කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයද අත්‍යවශ්‍ය නොවන සැත්කම් නැවත ආරම්භ කිරීමට සූදානම් වනවා.

ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ කොවිඩ් හමුවේ රෝහල්ගතවන පුද්ගලයන් සංඛ්‍යාව අඩුවීම හමුවේ තවත් දින කිහිපයකින් එම සැත්කම් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග රෝහල්ගතවීම් ඉහළයාම හමුවේ වික්ටෝරියා රෝහල්වල තවමත් Code Brown තත්වයකුයි ක්‍රියාත්මක වන්නේ.

එහිදී අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කිරීමකුයි සිදුවන්නේ.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට අත්හිටුවා ඇති සැත්කම් ලබන සඳුදා සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

COMMENTS