
නිරෝධායන රෙගුලාසි හමුවේ මෙල්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් තවදුරටත් වසා දමා තිබෙනවා.
ඊට හේතුව වන්නේ සේවකයන් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්ව සිටීම හමුවේ රාජකාරි සඳහා කැඳවිය හැකි සංඛ්‍යාව සීමාවීමයි.
නවතම ගවේෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන සදාකාලිකවම වසා දැමීමට ඒවායෙහි හිමිකරුවන් කටයුතු කර ඇති බවයි.

සේවකයන්ට හැකිතාක් නිවාසවල සිට සේවය කරන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මෙන්ම පාරිභෝගිකයන් සඳහා අවසර දී ඇති උපරිම ධාරිතාවයන්ද මීට තවත් හේතුවක්.
මෙල්බන් කවුන්සිලය විසින් කල සමීක්ෂණයකදී හෙළිවී තිබුණේ නගරයේ ව්‍යාපාරික ස්ථාන අතුරින් 1/3 ක් පමණ පවත්වාගෙන යනුයේ දැඩි අවිනිශ්චිත තත්වයක් යටතේ බවයි.

COMMENTS