
රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන ගණනක් වික්ටෝරියා ප්‍රාන්තය තුළදී නිපදවීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ ලබන අප්‍රේල් මාසයේ සිට එය ආරම්භ කෙරෙන බවයි.
මුල් මාස 03 දී මාසිකව කට්ටල මිලියනයක් බැගින්ද ජූලි මාසයෙන් පසුව මාසිකව කට්ටල මිලියන 03 ක් බැගින්ද නිෂ්පාදනය කිරීමයි සැලසුම වී ඇත්තේ.

ඔක්තෝබර් මාසයේ සිට එය තවදුරටත් ඉහළ දැමෙනු අතර වසරකදී රැපිඩ් කට්ටල මිලියන 50 ක් නිපදවීම අරමුණ බවයි අගමැතිවරයා සඳහන් කලේ.
දැනටමත් කැනඩාවට සහ යුරෝපා සංගමයට රැපිඩ් කට්ටල නිපදවන සමාගමක් හා ඒකාබද්ධවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ.
