Day: January 22, 2022

VIDEO : ජනපතිට තව 02 ක් දෙන්නැයි ඩයනා ඉල්ලයි

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා. මේ නිසා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ලබාදිය යුතු බවත් වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා. පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. කොවිඩ් වසංගතය නොතිබුණේ නම් ගත වූ වසර දෙක තුළ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට අවස්ථාව තිබූ

Read More »

වික්ටෝරියා hospitality සේවකයන්ටත් බූස්ටර් අනිවාර්ය වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා බූස්ටර් එන්නත අනිවාර්ය කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා. ප්‍රාන්ත කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ hospitality සහ retail ක්ෂේත්‍ර සඳහා ද එය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි. කෙසේවෙතත් මෙතෙක් එවැනි අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ. වික්ටෝරියා ප්‍රාන්තයේ  aged care – සෞඛ්‍ය සහ ආහාර බෙදා හැරිම් ක්ෂේත්‍ර සඳහා දැනටමත් බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කර තිබෙනවා. ප්‍රාන්තයේ සියයට 30 ක් පමණ දැනටමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා අද විවෘත කෙරුණා. ඒ අනුව ඔවුන්ට නිරෝධායනයකින් තොරව ප්‍රාන්තයට ඇතුලුවීමට අවස්ථාව පවතිනවා. කෙසේවෙතත් ඔවුන් ප්‍රාන්තයට ඇතුලුවීමට පැය 24 කට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකල යුතු වනවා. මෙම අවස්ථාව තවමත් ලබාදී ඇත්තේ ඔස්ටේ්‍රලියානු පුරවැසියන් – ස්ථිර පදිංචිකරුවන් සහ නිසි වීසා බලපත් හිමියන්ට පමණයි. ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු බ්‍රිස්බන් වෙත පැමිණි පබළමු ගුවන් යානය අද පෙරවරු 10.45 ට ගොඩබස්වනු ලැබුවා. https://www.9news.com.au/national/coronavirus-qld-border-update-fully-vaccinated-international-travellers-welcomed-to-queensland-without-quarantine/cb039913-e464-4bfa-8830-de44f6eac0fe

Read More »

ජොකොවිච් ඔස්ටේ්‍රලියානු රජයෙන් ඩොලර් මිලියන 06 ක වන්දි ඉල්ලීමේ සූදානමක

ඔස්ටේ්‍රලියානු රජයෙන් ඩොලර් මිලියන 06 ක වන්දි ඉල්ලා නඩු පැවරීමට සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් සූදානම් වන බවට වාර්තා වනවා. ඒ තමන් පිටුවහල් කිරීමට ගත් තීරණය හරහා කීර්ති නාමයට හානිවූ බවට චෝදනා කරමිනුයි. එන්නත්කරණයෙන් තොරව රටට පැමිණීම හේතුවෙන් පළමු වරටත් වීසා අයදුම්පත්‍රයට අසත්‍ය තොරතුරු දීම හේතුවෙන් දෙවන වරටත් ඔහුගේ වීසා අවලංගු කෙරුණා. පළමු අවස්ථාවේදී අධිකරණයෙන් ජොකොවිච් ට සහනයක් ලැබුණද දෙවන අවස්ථාවේදී අධිකරණය නියෝග කලේ ඔහුගේ වීසා අවලංගු කිරීමට සංක්‍රමණ අමාත්‍යවරයා ගත් තීන්දුව නිවැරදි බවයි. ඔස්ටේ්‍රලියානු

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 16,016ක්! NSW ප්‍රාන්තයෙන් 20,148ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 16,016ක් හමුව ඇත. මරණ 20 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217,505කි. ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 39,179ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 27,051 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1484645956935364611?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (21) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 20,148ක් වාර්තා වි තිබේ. දැනට 2,762 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර

Read More »