ජොකොවිච් ඔස්ටේ්‍රලියානු රජයෙන් ඩොලර් මිලියන 06 ක වන්දි ඉල්ලීමේ සූදානමක

ඔස්ටේ්‍රලියානු රජයෙන් ඩොලර් මිලියන 06 ක වන්දි ඉල්ලා නඩු පැවරීමට සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් සූදානම් වන බවට වාර්තා වනවා.

ඒ තමන් පිටුවහල් කිරීමට ගත් තීරණය හරහා කීර්ති නාමයට හානිවූ බවට චෝදනා කරමිනුයි.

එන්නත්කරණයෙන් තොරව රටට පැමිණීම හේතුවෙන් පළමු වරටත් වීසා අයදුම්පත්‍රයට අසත්‍ය තොරතුරු දීම හේතුවෙන් දෙවන වරටත් ඔහුගේ වීසා අවලංගු කෙරුණා.

පළමු අවස්ථාවේදී අධිකරණයෙන් ජොකොවිච් ට සහනයක් ලැබුණද දෙවන අවස්ථාවේදී අධිකරණය නියෝග කලේ ඔහුගේ වීසා අවලංගු කිරීමට සංක්‍රමණ අමාත්‍යවරයා ගත් තීන්දුව නිවැරදි බවයි.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වී ජය ගත්තේ නම් ඔහුට හිමිවීමට නියමිතව තිබූ මුදල ඩොලර් මිලියන 03 ක් පමණ වනවා.

එම මුදල අධිකරණය හරහා ලබාගැනීමට නොවැක් ජොකොවිච් උත්සාහ දරන බවටද චෝදනාවක් එල්ල වනවා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »