VIDEO : ජනපතිට තව 02 ක් දෙන්නැයි ඩයනා ඉල්ලයි

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.
මේ නිසා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ලබාදිය යුතු බවත් වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

කොවිඩ් වසංගතය නොතිබුණේ නම් ගත වූ වසර දෙක තුළ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට අවස්ථාව තිබූ නමුත් කොවිඩ් වසංගතය ඒ සියල්ල අහිමි කළ බව පෙන්වා දෙන ඩයනා ගමගේ පවසන්නේ රාජපක්ෂවරුන් බලයේ සිටි සෑම වකවානුවකම රටට විශාල වැඩ කොටසක් සිදු වූ බවයි.

කොවිඩ් වසංගතය නොතිබුණේ නම් මේ වනවිට රටපුරා අධිවේගී මාර්ග පද්ධතිය අවසන් කිරීමට නියමිතව තිබූ බවද ඇය සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවද ඩයනා ගමගේ ප්‍රකාශ කරයි.

VIDEO – TV DERANA

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »