Day: January 22, 2022

ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් ගාස්තු වසර 05 කට පසු අඩුම අගයට

ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් ගාස්තු වසර 05 කට පසු අඩුම අගයන් වාර්තා කර තිබෙනවා. කොවිඩ් තත්වය හමුවේ ඇතැම් විදුලි සේවා සපයන්නන් විසින් ලබා දී ඇති වට්ටම් මීට හේතුවී තිබෙනවා. කාර්ය බහුල අවස්ථාවලදී විදුලිය භාවිතය අඩු මට්ටමක පවත්වාගෙන යන පුද්ගලයන්ට ලබා දී ඇති වට්ටම් මින් ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. කෙසේවෙතත් ඇතැම් පාරිභෝගිකයන් සඳහන් කර ඇත්තේ තම විදුලි බිල් ගාස්තු තවමත් ඉහළ මට්ටමක පවතින බවයි. ඔස්ටේ්‍රලියානු විදුලි පාරිභෝගික කොමිසමට අනුව වාර්ෂිකව ඩොලර් 300 ක් දක්වා ගාස්තු ඉතිරිකර ගැනීමකට

Read More »

එන්නත්කරණයට එරෙහි විරෝධතාවයක් – මෙල්බන් CBD හි දැඩි තදබදයක්

එන්නත්කරණයට එරෙහි පිරිස් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මෙල්බන් CBD හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. පොදු ප්‍රවාහන සේවා සඳහාද එමගින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්. Flinders Street, Elizabeth Street and Kings Way යන මාර්ග සියල්ල මෙමගින් අවහිර වී තිබෙනවා. ඇතැම් විරෝධතාකරුවන් ට්‍රෑම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයකද නියැළෙන බවයි වාර්තා වන්නේ. සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවලද මේ හා සමාන විරෝධතා පැවැත්වෙන බවටයි වාර්තා පළවන්නේ. https://www.9news.com.au/national/vaccine-mandate-protests-antivaxxers-cause-major-public-transport-delays-traffic-chaos-in-melbourne/1dddf7ce-f86a-4aa2-b87c-3793ea206d6f

Read More »

කොවිඩ් කාලය තුළ ඔස්ටේ්‍රලියානුවන් වැරදි ආහාර පුරුදුවලට යොමුවීම ඉහළට

කොවිඩ් වසංගත කාලය තුළ වැරදි ආහාර පුරුදුවලට යොමුවී ඇති ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයන් 1723 දෙනෙකු යොදාගනිමින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිකර ගෙන ඇත්තේ. ඊට සහභාගීවුවන්ගෙන් සියයට 88 ක් පවසා ඇත්තේ නිවාසවලට වී සිටීම හමුවේ වැරදි ආහාර පුරුදු රටාවන්ට යොමුවීමත් සමග සිරුරේ හැඩය වෙනස් වී ඇති බවයි. සියයට 74 ක් පමණ දෙනා නැවතත් ආහාර පාලනයට පෙළඹී ඇතැයි ද අකාවරණය වී තිබෙනවා. මේ අතර ආහාර පාලන නව අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහිද

Read More »