
ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් ගාස්තු වසර 05 කට පසු අඩුම අගයන් වාර්තා කර තිබෙනවා.
කොවිඩ් තත්වය හමුවේ ඇතැම් විදුලි සේවා සපයන්නන් විසින් ලබා දී ඇති වට්ටම් මීට හේතුවී තිබෙනවා.
කාර්ය බහුල අවස්ථාවලදී විදුලිය භාවිතය අඩු මට්ටමක පවත්වාගෙන යන පුද්ගලයන්ට ලබා දී ඇති වට්ටම් මින් ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් පාරිභෝගිකයන් සඳහන් කර ඇත්තේ තම විදුලි බිල් ගාස්තු තවමත් ඉහළ මට්ටමක පවතින බවයි.
ඔස්ටේ්‍රලියානු විදුලි පාරිභෝගික කොමිසමට අනුව වාර්ෂිකව ඩොලර් 300 ක් දක්වා ගාස්තු ඉතිරිකර ගැනීමකට පාරිභෝගිකයන්ට අවස්ථාව පවතිනවා.
