Day: January 20, 2022

රැපිඩ් කට්ටල හොරකම් කල චෝදනාවලට අගමැතිගෙන් උත්තර

ෆෙඩරල් රජය විසින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල පුද්ගලික අංශයට අලෙවි කල බවට ඇතැමුන් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරනවා. එම චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවත් එය රජය කෙරෙහි අවිශ්වාසය ඇති කිරීමේ එක් උත්සාහයක් පමණක් බවත් ඔහු කියාසිටියා. අගමැති මොරිසන් මේ බව සඳහන් කලේ අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්. මෙම ප්‍රචාරය ඇතැම් සම්පාදකයන් (suppliers) විසින් කරන චෝදනාවක් පමණක් බවයි අගමැතිවරයා අවධාරණය කලේ. https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-and-latest-omicron-headlines-january-20-2022/33debbba-7e1f-455e-bcdc-888086213758#post=9ff484f6-c136-4fb8-a76c-ba699d9754c9

Read More »

වසර 14 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය පහළම අගය වාර්තා කරයි

වසර 14 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය පහළම අගය වාර්තා කර තිඛෙනවා. එය සටහන් වන්නේ සියයට 4.2 ක් ලෙසයි. 2008 වසරේ පෙබරවාරි මාසයේදී සියයට 4 ක් ලෙස විරැකියා අනුපාතය පැවති අතර ඉන් අනතුරුව අවම අගයක් වාර්තා කර ඇත්තේ මෙවරයි. ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයය අනුව පසුගිය මාසය තුළදී නව රැකියා 65,000 ක් බිහිවීමත් සමගයි විරැකියා අනුපාතය මෙතරම් පහළ අගයකට පත්වී ඇත්තේ. පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් නව රැකියා 366,000 ක් බිහිවී තිබුණා.

Read More »

ෆෙඩරල් අයවැය මාර්තු මාසයේදී – පාසල් විවෘත කිරීමේ දින තීරණය එක් එක් ප්‍රාන්තයට

ෆෙඩරල් අයවැය ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කරන බව අගමැති ස්කොට් මොරිසන් අද ප්‍රකාශ කලා. ඒ අනුව මැතිවරණය අනතුරුව සති කිහිපයකින් පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අගමැතිවරයා මේ බව කියාසිටියේ. බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරන්නේද යන තීන්දුව එක් එක් ප්‍රාන්ත රජයන් විසින් ගත යුතු බවයි ඔහු මෙහිදී අවධාරණය කලේ. එමෙන්ම කොවිඩ් ආශ්‍රිතයන්ගේ නිරෝධායන කාලය තවදුරටත් දින 07 ක් ලෙස පවත්වාගෙන යා යුතු බවද ස්කොට් මොරිසන් ප්‍රකාශ

Read More »

වික්ටෝරියා ප්‍රාන්ත රජය තවත් රැපිඩ් කට්ටල මිලියන 166 ක් ඇණවුම් කරයි

තවත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 166 ක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඇණවුම් කර තිඛෙනවා. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ මීට පෙර ඇණවුම් කල මිලියන 44 ක ප්‍රමාණයද මේ වනවිට ලැඛෙමින් පවතින බවයි. ඉන් මිලියන 4.5 ක ප්‍රමාණයක් අද මෙල්බන් ගුවන් තොටුපළට ළගාවී ඇතැයි අගමැතිවරයා ට්විටර් සටහනක් තබමින් පවසා සිටියා. වික්ටෝරියා හි අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත මෙම රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදෙන අතර පසුව සාමාන්‍ය ජනතාව අතරේද ඒවා ඛෙදා හැරීමට නියමිතයි. SOURCE: https://twitter.com/DanielAndrewsMP/status/1483960178907435009?s=20

Read More »
NATIONAL CABINET

බූස්ටර් – පාසල් ඇරඹීම – හුදකලා කාලය අද ජාතික කැබිනෙට්ටුවට

තවත් ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් අගමැති ස්කොට් මොරිසන් ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කිරීම සම්බන්ධ තීරණයක් එහිදී ගැනීමට නියමිත බවයි. මාත්‍රා 02 කින් පමණක් නිසි ප්‍රතිශක්තීකරණයක් නොලැඛෙන බව මේ වනවිට හොඳින්ම පැහැදිලි වී ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. මේ අතර පාසල් නැවත විවෘත කිරීමේ සැළසුම් සඳහාද අද ජාතික කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාගැනීමට නියමිතව තිඛෙනවා. එමෙන්ම කොවිඩ් ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය දින 05 කට අඩු කිරීමේ යෝජනාවද අද ජාතික

Read More »