Day: January 20, 2022

බටහිර ඔස්ටේ‍රලියා Skilled Visa වැඩසටහන සඳහා තවත් වෘත්තීන් රැසක්

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහන සඳහා තවත් වෘත්තීන් රැසක් එක් කර තිඛෙනවා. ගුරු වෘත්තියට අදාළ රැකියා ගණනාවක් ඊට අන්තර්ගතයි. එමෙන්ම ​Sales and Marketing Manager ආදී නව වෘත්තීන් රැසක්ද නවතම ලේඛණයට ඇතුළත් කර තිඛෙනවා. 190 වීසා කාණ්ඩය යටතේ Skilled Nominated visa ලෙස සහ 491 වීසා කාණ්ඩය යටතේ Skilled Work Regional වීසා ලෙසයි මෙම ලේඛණ ක්‍රියාත්මක වන්නේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් : https://www.migration.wa.gov.au/services/skilled-migration-western-australia/occupation%20lists?fbclid=IwAR3gWiicVbAZPWV-PzVE258wgDHPvOPMS0km-5jg7P86zZ_6KEQcTMWpmY8

Read More »

මෙල්බන් රෝහල්වල IVF ප්‍රතිකාර සේවා යළි ඇරඹේ

Code brown තත්වයක් ප්‍රකාශයට පත් කර තිබීම හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ වික්ටෝරියා ප්‍රාන්තයේ IVF ප්‍රතිකාර සේවා නැවතත් ආරම්භ කර තිඛෙනවා. දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති කාන්තාවන්ට වහාම එම සේවා නැවතත් ආරම්භ කෙරෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් සඳහන් කලා. නව IVF ප්‍රතිකාර සඳහා ලියාපදිංචි කිරීම් ලබන සතියේ සිට ආරම්භ කෙරෙනවා. කොවිඩ් රෝගී ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දීම හමුවේ මෙල්බන් රෝහල්වල හදිසි හා අත්‍යවශ්‍ය නොවන ප්‍රතිකාර සේවා පසුගිය අගහරුවාදා සිට තාවකාලිකව අත්හිටවනු ලැබුවා. IVF ප්‍රතිකාර සේවා අයත්වූයේද

Read More »
NOVAVAX

ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට අවසර හිමිවූ 05 වන කොවිඩ් එන්නත බවට නොවාවැක්ස් පත්වෙයි

කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට අවසර හිමිවූ 05 වන එන්නත බවට නොවාවැක්ස් පත්වී තිබෙනවා. වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලන් සඳහා සති 03 ක පරතරයක් සහිතව එහි මාත්‍රා 02 ක් ලබාදීම යෝග්‍ය බවටයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ. මේ වනවිටත් නොවාවැක්ස් මාත්‍රා මිලියන 51 ක් ඔස්ටේ්‍රලියානු මධ්‍යම රජය විසින් ඇණවුම් කර තිබෙනවා. දැනට ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කරන අනෙකුත් එන්නත් වර්ග වන්නේ ඇස්ට්‍රාසෙනෙකා – ෆයිසර් – ජැන්සන් සහ මොඩර්නා යි. මේ අතර අසාධ්‍ය රෝගීන්

Read More »

Coles විසින් iPhone අලුත්වැඩියා කර නවතම දුරකථන ලෙස අලෙවි කිරීම නැවතත්

Coles විසින් ඇපල් ජංගම දුරකථන අලුත්වැඩියා කර නවතම දුරකථන ලෙස අලෙවි කිරීමේ වැඩපිළිවෙල නැවතත් ආරම්භ කර තිබෙනවා. මේ අනුව ලබන 26 වනදා සිට 64 GB  අයි ෆෝන් 08 S වර්ගයේ දුරකථනයක් ඩොලර් 279 කටත් – 64 GB අයි ෆෝන් XRs දුරකථනයක් ඩොලර් 499 කටත් අලෙවි කෙරෙනු ඇති. Unlocked වර්ගයේ ජංගම දුරකථන මෙහිදී අලෙවි කිරීමට නියමිත බවයි Coles නිවේදනය කලේ. පාසල් වාරය යළි ආරම්භ කිරීමට නියමිතවීමත් සමග සිසුන්ට දුරකථනයක් ලබාදීමට දෙමව්පියන් පොළඹවාලීම මෙහි ප්‍රධාන අරමුණක් වී

Read More »