කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඔස්ටේ්‍රලියාව තුළ භාවිතයට අවසර හිමිවූ 05 වන එන්නත බවට නොවාවැක්ස් පත්වී තිබෙනවා.
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලන් සඳහා සති 03 ක පරතරයක් සහිතව එහි මාත්‍රා 02 ක් ලබාදීම යෝග්‍ය බවටයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ.
මේ වනවිටත් නොවාවැක්ස් මාත්‍රා මිලියන 51 ක් ඔස්ටේ්‍රලියානු මධ්‍යම රජය විසින් ඇණවුම් කර තිබෙනවා.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කරන අනෙකුත් එන්නත් වර්ග වන්නේ ඇස්ට්‍රාසෙනෙකා – ෆයිසර් – ජැන්සන් සහ මොඩර්නා යි.
මේ අතර අසාධ්‍ය රෝගීන් සඳහා ෆයිසර් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති පැක්ස්ලෝඩ් නම් ඖෂධ පෙත්ත ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කිරීමටද අවසර දී තිබෙනවා.
දින 05 ක් පුරා දිනකට දෙවරක් බැගින් එම පෙත්ත භාවිත කල යුතු වනවා.