මෙල්බන් රෝහල්වල IVF ප්‍රතිකාර සේවා යළි ඇරඹේ

Code brown තත්වයක් ප්‍රකාශයට පත් කර තිබීම හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ වික්ටෝරියා ප්‍රාන්තයේ IVF ප්‍රතිකාර සේවා නැවතත් ආරම්භ කර තිඛෙනවා.

දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති කාන්තාවන්ට වහාම එම සේවා නැවතත් ආරම්භ කෙරෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් සඳහන් කලා.

නව IVF ප්‍රතිකාර සඳහා ලියාපදිංචි කිරීම් ලබන සතියේ සිට ආරම්භ කෙරෙනවා.

කොවිඩ් රෝගී ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දීම හමුවේ මෙල්බන් රෝහල්වල හදිසි හා අත්‍යවශ්‍ය නොවන ප්‍රතිකාර සේවා පසුගිය අගහරුවාදා සිට තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

IVF ප්‍රතිකාර සේවා අයත්වූයේද එම ඝනයටයි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »