රැපිඩ් කට්ටල හොරකම් කල චෝදනාවලට අගමැතිගෙන් උත්තර – AusLanka TV – Australian News for the Sri Lankan community

රැපිඩ් කට්ටල හොරකම් කල චෝදනාවලට අගමැතිගෙන් උත්තර

රැපිඩ් කට්ටල හොරකම් කල චෝදනාවලට අගමැතිගෙන් උත්තර

ෆෙඩරල් රජය විසින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල පුද්ගලික අංශයට අලෙවි කල බවට ඇතැමුන් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරනවා.

එම චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවත් එය රජය කෙරෙහි අවිශ්වාසය ඇති කිරීමේ එක් උත්සාහයක් පමණක් බවත් ඔහු කියාසිටියා.

අගමැති මොරිසන් මේ බව සඳහන් කලේ අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්.

මෙම ප්‍රචාරය ඇතැම් සම්පාදකයන් (suppliers) විසින් කරන චෝදනාවක් පමණක් බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-and-latest-omicron-headlines-january-20-2022/33debbba-7e1f-455e-bcdc-888086213758#post=9ff484f6-c136-4fb8-a76c-ba699d9754c9

COMMENTS