මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

පෝලාර් බ්ලාස්ට් ලෙසින් හැඳින්වෙන ධ්‍රැවීය පිපිරුමක් හේතුවෙනුයි මෙම කාලගුණික වෙනස්වීම සිදුවී ඇත්තේ.

කලාපය වටා කැරකෙන අඩු පීඩන සහ සීතල වාතය සහිත විශාල ප්‍රදේශයක් බෙදී යාමෙන් සිදුවන ක්‍රියාකාරකමක් එලෙස හැඳින්වෙනවා.

එහි බලපෑමෙන් සිකුරාදා ටස්මේනියාවට දැඩි ශීතලක් පැවති අතර එය නැගෙනහිර වෙරළ හරහා තවත් උතුරට ගමන් කරන බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශවලට ද ශීතලෙන් බලපෑම් එල්ල වනු ඇති අතර නැගෙනහිර වෙරළ තීරයේ පහළ ප්‍රදේශවලට එය එතරම් නොදැනෙන බවයි පැවසෙන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බයිරන්, මැක්වරි, හන්ටර්, සිඩ්නි සහ ඉලවාරා වෙරළ තීරයන් සඳහා තද සුළං අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

ඉදිරි දින දෙක තුළ දකුණු ඇල්පයින් ප්‍රදේශවලට හිම කැට වර්ෂාවක් ඇති වීමට ඉඩ ඇති අතර හෙට වන විට උෂ්ණත්වය අංශක 19 දක්වා ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

අද වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් වෙරළ තීරයේ තද සුළං ඇති වන අතර මෙල්බර්න් හි උෂ්ණත්වය අංශක 14ක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, අද උදෑසන උෂ්ණත්වය ඍන 1ට වඩා පහළට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් දකුණු ඔස්ට්‍රේලියාවට හිම අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණා.

මේ අතර, අද උදෑසන පර්ත්හි උෂ්ණත්වය අංශක 29ක් දක්වා ඉහළ යනු ඇති අතර, අද උදෑසන කඳුකරයේ පැයට කිලෝමීටර 70 දක්වා සුළං ඇති විය හැකියි.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »