රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍යය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ශ්වසන වෛරස් පිළිබඳ වාර්තා වීම ප්‍රාන්තය පුරා ඉහළ යන බැවින් තම එන්නත් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

සමාජය තුළ COVID-19 සහ උණ ව්‍යාප්තිය වැඩි වෙමින් පවතින අතර ශ්වසන වෛරසය (RSV) ඉහළ මට්ටමක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙරී චැන්ට් පැවසුවේ නවතම දත්ත වලට අනුව මැයි 11න් අවසන් වූ සතිය තුළ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසක් උණ රෝගයෙන් පෙළෙන බවයි.

නිල වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා සමයට ඇතුළු වෙමින් සිටින බැවින් ඉදිරි සති හයේ සිට අට දක්වා කාලය තුළ රෝගීන් වේගයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ඔහු සඳහන් කළා.

එබැවින් තමන් සහ තම ආදරණීයයන් ආරක්ෂා කර ගැනීම සඳහා උණ එන්නත ලබා ගැනීමට කාලය එළඹ ඇති බවයි වෛද්‍ය නිලධාරී කෙරී චැන්ට් කියාසිටියේ.

කුඩා දරුවන් වෛරසයෙන් රෝගාතුර වන සංඛ්‍යාවේ වැඩි වීමක් දැනටමත් පෙන්නුම් කෙරෙන අතර දෙමව්පියන්ට මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ද දැනුම් දෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා එන්නත පහසුවෙන් ලබා ගත හැකි අතර මාස හයේ සිට අවුරුදු පහට අඩු ළමුන් ඇතුළු දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් නිවසේ රැඳී සිටිය යුතු අතර ඔවුන්ට පිටතට යාමට අවශ්‍ය නම් මුව ආවරණ පැළඳිය යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »