ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

භාෂා ගැටළුව හෝ සංකීර්ණ නීති තත්ත්ව හේතුවෙන් සංක්‍රමණික කාන්තාවන්ට අවශ්‍ය නීතිමය උපකාර ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

ගෘහස්ථ හිංසනය හේතුවෙන් පලා යන කාන්තාවන්ට සහාය වන ලීවින්ග් වයලන්ස් ප්‍රෝග්‍රෑම් (Leaving Violence Program) නම් වැඩසටහන ස්ථීර කිරීම සඳහා ඩොලර් බිලියන 1කට ආසන්න මුදලක් යොදවන බව මෙවර මධ්‍යම අයවැයෙන් ප්‍රකාශ කෙරුණා.

මෙම වැඩසටහන යටතේ ඇතැම් සේවා ලබා ගැනීම් සීමා සහිත බවයි නීති විශාරදයන් පවසන්නේ.

ගෘහස්ත හිංසනය ඔස්ට්‍රේලියාව තුළ වඩාත් බරපතල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර යෝජිත නව වැඩසටහන යටතේ එක් කාන්තාවකට ඩොලර් 5000ක් මුදලක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මුදලින් ඩොලර් 1500ක් ලබාදෙන අතර ඉතිරි මුදල ආරක්ෂක හා අනෙකුත් සේවා සඳහා යොදවන බවයි වාර්තා වන්නේ.

ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර පසුගිය 2021 වසරේ දී මේ සඳහා ආරම්භය ලබාගෙන තිබුණා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »