වසර 14 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය පහළම අගය වාර්තා කරයි

වසර 14 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය පහළම අගය වාර්තා කර තිඛෙනවා.

එය සටහන් වන්නේ සියයට 4.2 ක් ලෙසයි.

2008 වසරේ පෙබරවාරි මාසයේදී සියයට 4 ක් ලෙස විරැකියා අනුපාතය පැවති අතර ඉන් අනතුරුව අවම අගයක් වාර්තා කර ඇත්තේ මෙවරයි.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයය අනුව පසුගිය මාසය තුළදී නව රැකියා 65,000 ක් බිහිවීමත් සමගයි විරැකියා අනුපාතය මෙතරම් පහළ අගයකට පත්වී ඇත්තේ.

පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් නව රැකියා 366,000 ක් බිහිවී තිබුණා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »