ෆෙඩරල් අයවැය මාර්තු මාසයේදී – පාසල් විවෘත කිරීමේ දින තීරණය එක් එක් ප්‍රාන්තයට

ෆෙඩරල් අයවැය ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කරන බව අගමැති ස්කොට් මොරිසන් අද ප්‍රකාශ කලා.

ඒ අනුව මැතිවරණය අනතුරුව සති කිහිපයකින් පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අගමැතිවරයා මේ බව කියාසිටියේ.

බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරන්නේද යන තීන්දුව එක් එක් ප්‍රාන්ත රජයන් විසින් ගත යුතු බවයි ඔහු මෙහිදී අවධාරණය කලේ.

එමෙන්ම කොවිඩ් ආශ්‍රිතයන්ගේ නිරෝධායන කාලය තවදුරටත් දින 07 ක් ලෙස පවත්වාගෙන යා යුතු බවද ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා.

පාසල් විවෘත කිරීමේ දින තීරණයද එක් එක් ප්‍රාන්තයට පැවරෙන බවයි අගමැතිවරයා සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »