Search

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

3G ජාලය අවහිර කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානුවන් මිලියන භාගයකට පමණ හදිසි ඇමතුම් ජාලය වන ට්‍රිපල් සීරෝ වෙත සම්බන්ධ වීමට නොහැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

3G ජාලය එහි අවසන් මාසවල ක්‍රියාත්මක වෙමින් පවතින අතර ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම අගෝස්තු 31 වන දින දක්වා එහි 3G සේවා කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඔප්ටස් (Optus) සැප්තැම්බර් මාසයේ සිට 3G ජාලය අවහිර කරන අතර T P G Telecom සහ වෝඩාෆෝන් එහි සේවා අවහිර කිරීම ආරම්භ කරනු ලැබුවේ ජනවාරි මාසයේ සිටයි.

3G ජාලය අවහිර කරන බවට වසර ගණනාවක සිට ප්‍රකාශ කර තිබූ අතර නවතම කර්මාන්ත සංඛ්‍යාලේඛනවලට අනුව ඔස්ට්‍රේලියානුවන් 530,000 දක්වා පිරිසකට 4G ජාලයට නොගැලපෙන දුරකථන උපාංග ඇති බවයි සඳහන් වන්නේ.

මෙම උපාංග සංඛ්‍යාව පිළිබඳ ටෙලිකොස් හි ඇස්තමේන්තුවල දැක්වෙන්නේ අප්‍රේල් මාසයේදී මිලියනයක තිබූ උපාංග සංඛ්‍යාව මේ මස මුලදී 400,000 සිට මෙම සතියේ 530,000 දක්වා වෙනස් වී ඇති බවයි.

මෙලෙස උච්චාවචනය වන සංඛ්‍යා පිළිබඳ ගැඹුරු ලෙස සැලකිලිමත් වන බව සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් ප්‍රකාශ කළා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »