වික්ටෝරියා ප්‍රාන්ත රජය තවත් රැපිඩ් කට්ටල මිලියන 166 ක් ඇණවුම් කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්ත රජය තවත් රැපිඩ් කට්ටල මිලියන 166 ක් ඇණවුම් කරයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය තවත් රැපිඩ් කට්ටල මිලියන 166 ක් ඇණවුම් කරයි

තවත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 166 ක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඇණවුම් කර තිඛෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ මීට පෙර ඇණවුම් කල මිලියන 44 ක ප්‍රමාණයද මේ වනවිට ලැඛෙමින් පවතින බවයි.

ඉන් මිලියන 4.5 ක ප්‍රමාණයක් අද මෙල්බන් ගුවන් තොටුපළට ළගාවී ඇතැයි අගමැතිවරයා ට්විටර් සටහනක් තබමින් පවසා සිටියා.

වික්ටෝරියා හි අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත මෙම රැපිඩ් කට්ටල නොමිළයේ ලබාදෙන අතර පසුව සාමාන්‍ය ජනතාව අතරේද ඒවා ඛෙදා හැරීමට නියමිතයි.

SOURCE:

COMMENTS