බූස්ටර් – පාසල් ඇරඹීම – හුදකලා කාලය අද ජාතික කැබිනෙට්ටුවට

NATIONAL CABINET

තවත් ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් අගමැති ස්කොට් මොරිසන් ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් පැවසුවේ බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කිරීම සම්බන්ධ තීරණයක් එහිදී ගැනීමට නියමිත බවයි.

මාත්‍රා 02 කින් පමණක් නිසි ප්‍රතිශක්තීකරණයක් නොලැඛෙන බව මේ වනවිට හොඳින්ම පැහැදිලි වී ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර පාසල් නැවත විවෘත කිරීමේ සැළසුම් සඳහාද අද ජාතික කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාගැනීමට නියමිතව තිඛෙනවා.

එමෙන්ම කොවිඩ් ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය දින 05 කට අඩු කිරීමේ යෝජනාවද අද ජාතික කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »